
පිටිදූවේ හාමුදුරුවෝ කියන, බුදුන් දේශනාකල පණිවිඩය ගැන කිසිම ගැටළුවක් නෑ. උන් වහන්සේ කිසි තැනක ධර්මය නම් විකෘති කරල නෑ. ( You Tube එකෙන් මවිසින් upload කරන ලද දේශනා විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඕනැ නම් අහල බලන්න පුලුවන්.)
ඇත්තටම බුදු දහම විනාශ කරන්නේ,
* කොන්ත්‍රාත්තු බාර අරගෙන ගසා කනවා
* පංසල හාරල, වැලි ටික විකුනනවා
* ගෑණු ළමයෙකුට බනක් අහන්න යන්න බෑ ( ඒක ඉතින් කියන්න ඕනෙ නෑ නේ)
* පිරිමි ළමයෙකුට ගිහින් පංසලේ උදව්වක් කරන්න බෑ ( ඒකත් ඉතින් කියන්න ඕනෙ නෑනේ)
* යන්ත්‍ර, මංත්ර ගුරුකම් කරනවා, කේන්දර බලනවා, සාස්තර බලනවා, කොඩිවින කරනවා, හොන්දට ඉන්න පවුල් අවුල් කරනවා, වශී ගුරුකම් කරනවා,
* මනුස්සයෙක් දියුණු වෙනකොට ඉරිසියාවට එක එක දේ කියනවා, කරනවා
* සිවුරේ ඉඳන් ඉගනගෙන, ඉගනගත්තට පස්සේ සිවුර දාල , කෙල්ලෝ එක්ක යනවා.
මේ වගේ චීවරධාරීන් ගැන කතා කරන්නේ නැතුව, බුදු දහම නිවැරදිව දේශනා කරන පිටිදූවේ හාමුදුරුවන්ට විතරක් චොදනා එල්ල කරන්නේ ඇයි ?
අනිවාර්යෙන්ම මේ තුල, අපි නොදන්නා දේවධර්මවාදීන් ඉන්නවා. වෙබ් සයිට් බැලුවත් පැහැදිලී. පිටිදූවේ හාමුදුරුවන්ට බැනලා දාන කොමෙන්ට තියෙන්න අරිනවා, වෙන ආගම් වලට බැනලා දාන කොමෙන්ට්ස් ඉවත් කරනවා විතරක් නෙමේ, අවවාදත් දෙනවා.
මම කියන්නේ, පිටිදූවේ හාමුදුරුවෝ කියපු බනක් ඇහුවාම අපේ හිත නිවෙනවා නම්, වෙන මොකුත් හොයන්න ඕනෙ නෑ. අනිත්වාට උත්තර කාළය විසින් ලබාදේවි.
මතකද ?
දහම් සොඬ ජාතකය, ධර්මය නැති යුගයක, ඒ රජතුමා, එක් බන වදනක් අහන්න, යකාගේ කටට පැන්න බව. බන කිව්වේ කවුද ? යකා. එහෙනම්, යකෙක් උනත් බන දන්නවා නම්,
අපිට අවශ්‍ය එපමණයි. පිරිසිදු ධර්මය පමණයි.
ආන්නතරීය පාපකර්මයක් නොවෙන්න තමා මම මේ දේ කිව්වේ.
කාලයට ඉඩදෙමු නේද ? අනිත්වාට.
ආ.. තව එකක්ක් කියන්න ඕනේ. බුදු හාමුදුරුවොත් , බුදු උන බව කිව්වා. ඒක විශ්වාස නොකරපු නිසා නේ ද ? යමා මහ පෙළහැර පාල, ඔප්පු කරන්න උනේ.
ඒකත් අමතක රටක් නේද මේ ?

kiyawanna oone namm Download karanna me Mediafire link ekenn..
http://www.mediafire.com/i/?r3p8td7s752ypsr
Download This Page to Read ..
3 comments:
ඔව් ඔව් වැරදි හොයන්න ඕනි නෑ කියමුකෝ.. බණ කියන්න සල්ලි ගන්න එක හරිද. බණ පැකේජ් හදන්න ඕනිද,
මේ කරුණු වලින් පැහැදිලි කරන්න උත්සාහ කලේ, බුද්ධ සාසනය රැක ගැනීම පිණිස,
සොයා බැලිය යුතු තවත් අංශ රාශියක් ඇතිබවයි. මෙහිදී, මෙම හිමියන් පවසන දෑ, 100 % ක් නිවැරදි බව වත්, ලංකාවේ සිටින උත්තරීතරම ස්වාමින් වහන්සේ හෝ උත්තරීතරම වස්තුව, මෙම හිමියන් ලෙස හැඟවීමක් නොකෙරේ.
mekath wisadala dennako ane http://www.lankacnews.com/sinhala/main-news/36008/
Post a Comment