Showing posts with label
a letter for r k priyantha de silva .
Show all posts
Showing posts with label
a letter for r k priyantha de silva .
Show all posts
We Must Protect ,Siri samanthabaddra Thero
(Pitiduwe Siridhamma Thero)
From the Facebook Comments ..
aththa
athisatiyen nodana obawahansege surata nigraha karanna baha namuth
antharjalaya haraha pitaunu pinthura swaminwahnse gana kalakirimak athi
una me karanawala aththa athisatiyen lokayata penanna anna edata
obawahanse haraha yana minisun pelagasei namuth e palagasima sathya
awabodaya nisa pamanakma siddawewi
Answers :
eewata hamuduruwo pilithuru deela thiyenawaa.. meVideos 2 ma hondin balanna..
( Samanthabaddra Thero has given reply for all the questions and watch below 2 videos at all, without left any moment on the picture.)
PART 1
VIDEO
PART 2
VIDEO
ආදරනීය ප්‍රියන්ත ද සිල්වා, කාලෙකට පස්සෙ මම ඔයාට ලියන්න හිතුවා. අද නත්තල් දවස. ඒත් අපි නත්තල් සමරන අය නෙමේ. අපි හොඳ බෞද්ධයෝ නේ. ඒත් නත්තල් දවස ගැන පුංචි සතුටකින් හිත පිරිලා. ප්‍රියන්ත, මතකද ඉස්සර පුංචිකාලෙ, අපිට නත්තල් නැති උනත්, කාටවත් නොකියාම රෑට අවදිවෙලා, නැත්නම් උදේට අවදිවෙලා කොට්ටෙ යට , මෙට්ටෙ යට බලපු හැටි. ඒ නත්තල් සීය ඇවිත් මොනා හරි දීල ගිහින් කියල ඇති කියලා හිතලයි. ඒ ත් කවදාවත් එහෙම දෙයක් සොයා ගන්න නම් තිබ්බෙ නෑ. නමුත් ප්‍රියන්ත, අපිට ඒ ගැන තරහක් නම් තිබ්බෙ නෑ. තිබුනෙ කියා ගන්න බැරි දුකක් විතරමයි. ඔයාටවත් මටවත් පුංචි හරි තෑග්ගක් දෙන්න කවුද හිටියේ ? ඒත් කවම දාකවත් වෙනත් කෙනෙක්ගේ කිසීම දෙයක් හිතින්වත් ගන්න සොර සිතක් නැතිව හිටපු හැටි මතක් වෙනකොට මට ඔය ගැන හරීම ආඩම්බරයි ප්‍රියන්ත. අවුරුදු 12ක් පාසල් ගිහින් අවසන් වුනත්, උසස්පෙල අවසන් කරද්දීත් , ජීවිතේටම කාල තිබ්බ චොකලට් ගනන 12 ක් වත් උනේ නෑ නේද ? ඒත් අද පොඩි එකෙක් ගත්තොත් මාසෙකටම චොකලට් 12 කට වඩා කාල තියෙනවා. ආදරණීය ප්‍රියන්ත, මතකද ඉස්සර, උසස්පෙල දක්වාම හැම තිස්සේම ඇඳගෙන හිටියේ පාසල අඳින සුදු ඇඳුමමයි. ශිෂ්‍යත්ව පංතියේ සුදු ඇඳගෙන ආපු එකම ළමයා මමයි කියලයි මට හිතෙන්නේ. ඇයි මේ ළමයා හැම තිස්සේම ඉස්කෝලෙ ඇඳුම ම ඇඳන් ඉන්නේ කියලා සමහර ඇන්ටිලා අපේ අම්මගෙන් ඇහුවේ පුරුද්දට වගේ. අම්ම කිව්වා , පුතා පට අඳින්න කැමති නෑ කියලා. ඒක ඇත්ත. ඒත් ඇත්ත ඒක නෙමේ. ඔයා ප්‍රියන්ත, පාට අඳින්න කැමති නෑ කිව්වේ, අම්මට තවත් වියදමක් ඔයා නිසා සිදුවෙන එක නවත්තන්න කියාලා දන්නේ මම විතරයි. ඔයාට තනි නෑ ප්‍රියන්ත, දැන් මම ඉන්නවනේ ඔයාට හැම තිස්සේම. ඔයාට කවුරුවත් ඕනෙනෑ. එයාල ඔක්කෝම එන්නේ මොකක් හරි දෙයක් කරගන්න, ප්‍රයෝජනයක් ඔයාගෙන් ගන්න මිසක් ඔයාට තියෙන ආදරේට නෙමෙයි ප්‍රියන්ත. මම දන්නවා ඔයා කාටවත් රැවටිලාවත්, රැවටෙන්නෙවත් නැති බව. ඔයා අනිත් අයට තියෙන ආදරේට, හිතවත් කමට හැම දෙයක්ම කරල දුන්නාම, එයාල හිතයි ඔයා රැවටුනා කියලා. ඒත්, මම විතරයි දන්නෙ ප්‍රියන්ත, ඔයා ඒ අයව සතුටු කරන්න කරපු කැපවීම, කිසිම දෙයක් ආයෙත් බලාපොරොත්තු නොවීම. එහෙම කියන්නේ, ඔයා කරපු උදව් ඔයාටම අමතක වෙලා තියෙන බව මම හොඳින්ම දන්න නිසා. මම අද ලියන්නේ කාලෙකටම පස්සෙ හිංදා, නැත්නම් පලමු වතාවට හිංදා, මට මුල - මැද - අග පටලැවෙනවා. ඒත් ඔන්න ඔහේ මගෙ ඔළුවට එනදේ ලියනවා ප්‍රියන්ත. ආ... ඔයාගෙ අම්මට දැන් අසනීපයි නේද ? ඇවිදින්නත් බෑ නේද ? මම දන්නවා ප්‍රියන්ත, අම්මගෙන් උදව් ගත්ත, අම්ම සල්ලිවත් පංතිගාස්තු විදියට ගන්නෙ නැතිව ඉස්සර උගන්නපු අයවත් අම්ම බලන්නවත් එන්නෙ නැතිලු නේද ? මට තේරෙනවා ප්‍රියන්ත ඔයා මේව ගැන ගොඩාක් කලකිරීමෙන් ඉන්නෙ කියලා. දුක් වෙන්න එපා රත්තරං, මම ඔයාගෙම ගාව ඉන්නවනේ. ජීවිතේ කියන එක කොයිවෙලාවෙ නැතිවෙනවද ? මොනා වෙනවද කියන්න අපි දන්නෙ නෑ. පුලුවන් තරම් සතුටින් ඉන්න ප්‍රියන්ත. මම දන්නවා ඔයා ඉස්සරත් තාමත් ඉන්නේ හැමතිස්සේම හිනා මූනක් මවාගෙන. එහෙම හිටියේ, අඬන්න බැරි මූන හිනාවකින් හංගගන්න කියලා දන්නේ මම විතරයි පැටියෝ. ලෝකෙම අය විතරක් නෙමෙයි, ඔයාගෙන් ඉගන ගත්ත අය පවා, සමහර වෙලාවට ඔයාට අපහස කලා. ඒත් ප්‍රියන්ත ඔයා කවදාවත් එයාල එක්ක තරහ උනේ නෑ. වෛරයක් දැනුනේ නෑ. හැමදාම ආශිර්වාද කලා යහපතක්ම වේවා කියලා. ඔයා හරීම ආදරණීයයි ප්‍රියන්ත. අන්න ඒකයි ඔයාගෙන් ගන්න පුළුවන් හැමදෙයක්ම අරගෙන අනිත අය ඔයාටම වේදනාවක් දීල යන්නේ. වේදනාව කියන දේ අපිට අලුත් දෙයක් නෙමෙයි නේද ? මම දන්නවා පැටියෝ, ප්‍රියන්ත, ඔයා කවමදාක්වත් දුකක් දැනුනාම නම් දැන් අඬන්නේ නෑ කියලා. දුක කියන්නේ සාමාන්‍ය දෙයක් නේ අපිට. ඒත් පුංචිම පුංචි සතුටක් දැනුනත්, නෙතට කඳුලක් උනන එක නම් නවත්තන්න බෑ නේද ප්‍රියන්ත ? සතුට කියන දේ අපිට පුරුදුනෑනේ. ඒකයි ඒ. ඔයාගේ ලොකුම ප්‍රාර්ථනාව මම දන්නවා, ඒ, මේ ලෝකේ කිසිම හතුරෙකුටවත් ඔයාට දැනුන තරම් දුකක් දෙන්න එපා කියන එක. ඔව්, ඇත්ත, වෙන කෙනෙක් නම් ඔයා වගේ ජීවත් වෙන්නෙ නෑ. ඔයා ඉස්සර කරන්න ගියපුවා මෙතන ලියන්න ඕනෙ නෑ නෑනේද මගේ ප්‍රියන්ත. මතකද පුංචිම කාලේ ? පුළුවන් නම් කියන්න සතුටින් හිටපු දවසක් ? බෑ නේද ප්‍රියන්ත ? ඕනෙනම් ඔයා කියාවි එදා, පාසලෙන් ඔයා විතරක් ශිෂ්‍යත්වේ සමත් උන දවස කියලා. ඔව්, ඒ හැර එක දවසක් මට කියන්න ප්‍රියන්ත. ඒත් මට ඔයා ගැන හරීම සතුටුයි ප්‍රියන්ත. අද ඔයාව හමුවෙන්න කවුරු ආවත් ආයෙත් යන්නෙ නම් සතුටින් නෙමෙ නේද ? ඔයා ඔයාට පුලුවන් තරමටත් වඩා එයාලව සතුටින් තියන්න ඔයා ගන්න උත්සාහය හරීම පුදුමයි ප්‍රියන්ත. කොහෙන් කාපු ටකරන්ද කිව්වලු නේද ? කවදාවත් නොලබපු දෙයක්, කොහොමද ප්‍රියන්ත ඔයාට පුලුවන් උනේ අනිත් අයට දෙන්න, වෙන කාටත් වඩා ? ඉස්සර, ඔයා පාඩම් කල හැටි මතකද ප්‍රියන්ත ? අපිට කොහෙන්ද ඉස්සර විදුලිය. කනප්පුවේ ලාම්පුව තියගෙන පාඩම් කරද්දී, ලාම්පු දැල්ලට කීවතාවක් ඔයාගෙ ඉස්සරහ කොන්ඩේ ගස් නම් පිච්චුනාද, බාගෙට නින්ද යද්දි. ඉස්සර, නයිට් රයිඩර්, ටීවී එකෙන් බලන්න, මොන තරම් ආසාවෙන්ද චූටි බයිසිකලය පැදගෙන දන්න කියන , දුර තියෙන ගෙදරකට ගියේ. ඒත්, සමහර දවස් වලට, ඔයා ඉඳෙද්දීම ඒ අය රූපවාහිනියේ, අනිත් චැනල් එක දාද්දී මොන තරම් දුකක් දැනුනද ? තිබ්බ එකම සතුටත් බාගෙට බලද්දී නවතිනකොට නවතිද්දී, ඒත් ඔයා කවුරුවත් ගැන වෛරයක් ගත්තේ නෑ නේ ද පැටියෝ ? ප්‍රියන්ත, මගේම ආදරණීය ප්‍රියන්ත, කලින් ගෙදර මතකද ? ඔව්, ඔයාට කිසිම දෙයක් අමතක වෙන්නෙ නෑ නේද ? කුඩ ගල් වලින් හදලා තිබ්බ නිසාත්, සිවිලිමෙන් කෑල්ලක් ගැලවිලා බිම වැටිලා තිබ්බ නිසාත්, හිටපු ගමන් බිත්ති දිගේ "සූස්' ගාල, වැලි වගේ දුර්වල කොටස් බිමට එන නිසාත්, අපේ ලොකු නෑදෑයින් කවුරුවත් ආවේ නෑ. ආවත් හිටියේ නෑ. හිටියත් මාව ගනන් ගත්තේ නෑ. බල්ලෙක් වගේ එදා හැදෙද්දී, හිතට සහනයක් උනේ, එකම සහනය උනේ දයා රෝහණ අතුකෝරාල මහත්මයාගේ, මනෝවිද්‍යාත්මක පොත් පත තමයි. උසස් පෙළ පාඩම් කරද්දීත්, කිසිම වෙනසක් උනේ නෑ. හැමදාම වගේ හෙම්බිරිසාව නේ ද ? ඔව්, අමිහිරි මතකය මම අවදි කරන්නම් රත්තරං. පාඩම් මේසෙත්, ඇඳත්, නිදන කාමරෙත් , සාලෙත් උනේ ඔයාගෙ කාමරය නේද ප්‍රියන්ත. ඒත් දවල්ට වහලෙ මුදුනින් අහස පේනවා. සමහරදාට, කුඩා හිල් වලින් වැටුන ආලෝකයෙන්, වලාකුළු අනිත් පැත්තට යනවා දකිනවා පොලවේ. ෂා... ආලෝකෙ ගැන පාඩමත් අත්දැකීමෙන්ම ..... ඒත් ඇඳට උඩින් නම් ඉටිකොල ගහලා තිබේ, වැස්ස වැටුනොත් නොතෙමී ඉන්න නේ ද ? ඒත් වහින දවස් වලට රෑ දෙගොඩහරිජාමේ නැගිටලා, ඉටිරෙද්දේ පිරුන වතුර, කොස්සෙ මිටෙන් ඇනලා, බේසමට දැම්මේ නැත්තම් ඉතින් ප්‍රියන්ත සොරිම තමයි ඇඳට නේද ? ඒත් හැමදාම පීනස තිබ්බේ, මේ සීතල උහුල ගන්න අහිංසක ඔයාට 100% බැරි උන නිසා වෙන්න ඇති නේද ප්‍රියන්ත. වැසිකිලියට ගියත් පැයකින් එන්න වෙන්නෙ නෑ.. මතකද.. ඉදල් මිටක් තිබ්බ ඉස්සරහ තියලා, ඒක අරගෙන දහ පහලොස් වතාවක් ඇනලා ඇනලා තමයි, වතුර ගහන්න ඕනේ. නැත්නම් ඉතින් වැසිකිළියම ඉවරයි. ඔයා මේ ඔක්කෝම කියනවට ඒ තරම් ම කැමති නෑකියලා මම දන්නවා පැටියෝ. (ඔයාට පැටියෝ කියලා කියන්න මම විතරයි නේ. එත් මට මතකයි, ඉස්සර වහලේ බට වගයක් දාන්න ආපු බාසුන්නැහේ කෙනෙකුත් පැටියෝ කිව්වා, වාසියට නේ ද ?) මගේම ආදරනීය ප්‍රියන්ත, මම දැන් ගොඩාක් කතා කලා ඔයාට. ඒත් ඕනෙම දේ ගැන කතා කලේ නෑ. ඔයාගේ කැමතිම, තහනම් වචනය, ආදරය ? ඔන්න ඔන්න, තරහ ගියානේ ද ? ප්‍රියන්ත. කමක් නෑ. ජීවිතේ තව ටිකයි නේ. ඒකත් මෙහෙමම ඉඳිමු නේද ? මම කලිනුත් කිව්වානේ, ඔයා ප්‍රියන්ත, දැන් දුකේදි අඬන්නේ නෑ කියලා. නිතරම ලැබෙන දේක විශේෂත්වයක් නැති නිසා වෙන්න ඇති නේ ද ? ප්‍රියන්ත. ඒත් මම දන්නවා හොඳටම , ඔයාට අඬන්නෙ නැතුව නම් ඉන්න බැරි වෙන දවස. ඒ ඔයාට කවදාවත් නොලැබුන දෙයක් ලැබෙන , ජීවිතේ සතුට ලැබෙන දවස! ඒත්... මම අදට නවතින්නම් මගේ රත්තරන් පැටියෝ, ප්‍රියන්ත ! ඔයා සතුටින් ඉන්නකෝ... ඔයාට පුලුවන් පැටියෝ ඒක කරන්න.. මම ඔයා ලඟ සදහටම ඉන්නවානේ.. කවුරු දාල ගියත්, කවුරු වෙනස්කම් කලත්.. මම හැමදාම ඔයාගෙමයි රත්තරං ! මෙයට, විශ්වාසී, ඔයාගෙම, ප්‍රියන්ත ද සිල්වා ! සදහටම ඔයාගෙමයි !